ඒ බිමෙන් පබළු මුතු වැනි පාෂාණත් හමුවෙයි.. ඕනෑගමින් ඇසෙන ඒ විශ්මයජනක කතාව මෙන්න..



 මේ කියන්න යන්නේ තවත් එක් විශ්මයජනක පුවතක්. ඔබත් සමහරවිට මේ කියන්න යන කාරණය  අදහාගන්නත් බැරි වේවි.. 



මොකද මෙහි පෞරාණික වටිනාකම ඇත්තෙන්ම මිල කරන්නට බැරි තරම්.

පොලොන්නරුව ඉපැරණි පුරාවිද්‍යාත්මක නටබුන් පිහිටා ඇති, ඕනෑගම වෙහෙරගොඩැල්ල ප්‍රදේශය පසුගියදා ඇතිවූ මහා ගංවතුරින් යටවූ අතර එම ප්‍රදේශයේ මේ වන විට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති යැයි සිතිය හැකි පිළිමගෙයක, පොහොය ගෙයක හෝ ගෘහයක පාදමක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැලකෙන මෙම ප්‍රදේශයේ පිහිටා ඇති පුරාවස්තු මේ වන විට ක්‍රම ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

මහ පොළොවේ පස්වලින් යටව තිබූ මෙම ප්‍රදේශයේ අලුතින් මතුවූ මෙම පාදම තිබූ ස්ථානයේ තිබී විවිධ වර්ගයේ පබළු මුතු වැනි පාෂාණ වර්ග කැටයම්වලින් යුතු දෑ හමුවන බව ප්‍රදේශවාසීහු අප හමුවේ පැවසුවා.

මෙයට අමතරව පුරාවිද්‍යාත්මක යැයි සැලකිය හැකි වළං කැබලි උළු සහ ගඩොල් සහිත විවිධ වර්ණයෙන් යුතු අලංකාර වූ මැටි බඳුන් ද මෙම ප්‍රදේශයෙන් හමුව තිබෙනවා.

එම ස්ථානයට ගොස් අප මාධ්‍ය කටයුතු කරන විටද එම ප්‍රදේශවාසීන්ට රත්න වර්ණයෙන් යුතු පබලු ඇට කිහිපයක් එම බිමෙහි තිබී හමුව ඇති අතර, අලුතින් මතු එම පාදමැති ස්ථානයේ මේ වන විට මිනිස්සුන් කුඹුරුවල ඇති වැලි ඇදීම සඳහා ට්‍රැක්ටර් යොදාගෙන තිබෙනවා.

එම ට්‍රැක්ටර ගමන් කිරීමෙන් එම පාදමට මේ වන විට හානි වී තිබෙන බවත්, තවද එම ප්‍රදේශයේ හරක් එම පුරාවිද්‍යා ස්මාරක උඩින් ගමන් කරන බැවින් එම හරක් කුරවලට ද මෙම පාදමේ ස්වරූපයේ ගල් ගැලවී ගොස් විසිරී යමින් පවතිනවා.

මේ පිළිබඳ පුරාවිද්‍යා බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු කරවන ලෙස මහා සංඝරත්නය මෙන්ම ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිනවා.


✅✅✅✅✅✅✅✅✅✅



📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post