මෙය සොබාදමට එරෙහිවීමක්ද..? ලොව ප්‍රථම ගර්භණී රොබෝවරයා ගැන ඇසෙන කතාවක් මෙන්න..

 


මේ ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති කරුණක්..



ලොව ප්‍රථම 'ගර්භණී රොබෝවරයා' ගැන මේ ඇසෙන කතාව ඇත්තටම ඔබව විමතියට පත් කරාවි.
විද්‍යාවේ දියුණුවත් සමඟ මිනිසා සොබාදහමට එරෙහිව යමින් විවිධ විස්මිත නිර්මාණ සිදු කරනවා.

මෙහි නවතම පියවර ලෙස, චීනයේ විද්‍යාඥයින් කණ්ඩායමක් ලොව ප්‍රථම 'ගර්භණී රොබෝවරයා' (Gestation Robot) නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මෙය දරුවන් නොමැති පිරිසට නව බලාපොරොත්තුවක් ලබා දෙන පුවතක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ ගුවැන්ෂු (Guangzhou) නගරය කේන්ද්‍ර කරගත් 'Kaiwa Technology' නම් සමාගමක් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර, ආචාර්ය සැන්ග් කිෆෙන්ග් (Dr. Zhang Qifeng) ගේ නායකත්වයෙන් යුත් විද්‍යාඥයින් කණ්ඩායමක් මීට දායකත්වය සපයනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ කෘතිම ගර්භාෂයක් තුළ කළලයක් වර්ධනය කර, සම්පූර්ණ දරු ප්‍රසූතියක් සිදු කිරීමයි.

මෙම ව්‍යාපෘතියේ වැදගත් කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකියි..

මෙහි පළමු ආකෘතිය 2026 වසර වන විට එළිදැක්වීමට නියමිතයි. දරුවා කෘතිම ගර්භාෂය තුළ තැන්පත් කර, නලයක් මාර්ගයෙන් අවශ්‍ය පෝෂණය සහ ඔක්සිජන් ලබා දීම සිදු කෙරෙනවා. මෙහි මූලික පිරිවැය චීන යුවාන් 100,000 ක් පමණ (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ ගණනාවක්) වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

මේ කරුණ සම්බන්ධයෙන් මතභේද සහ සදාචාරාත්මක ගැටලු රැසක් ද පවතිනවා.

මෙම තාක්ෂණය වෛද්‍ය විද්‍යාවේ දැවැන්ත පිම්මක් වුවද, ඒ පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. බොහෝ දෙනා පවසන්නේ මවකගේ කුස තුළ දරුවෙකු වර්ධනය වන විට ඇතිවන ස්වභාවික බැඳීම මෙමගින් අහිමි වන බවයි.

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post