චීනයෙන් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් ප්‍රකාශ කරයි.
ඒ අනුව ඉන්ධන භාවිතය හේතුවෙන් සිදුවන විශාල පරිසර දූෂණය අවම කිරීම අරමුණින් මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.
මෙසේ ලබාදීමට සැලැසුම් කර ඇති බස් රථයක මිල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වන බවද තානාපතිවරයා සඳහන් කර ඇත.
ඔහු මෙම අදහස් පළ කළේ, අද (22) දින මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැදුටු අවස්ථාවේදී බව සඳහන්.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments