ප්‍රවීණ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ මහතා සහ ‘ගම්පෙරළිය’ කෘතිය සම්බන්ධයෙන් අනුචිත වදන් භාවිත කරමින් අපහාසාත්මක ප්‍රකාශයක් කළ උපකාරක පන්ති ගුරුවරයා, තමා අතින් විශාල වැරැද්දක් සිදුවූ බව පිළිගනිමින් සමාව අයැද තිබෙනවා.
සමාජ මාධ්‍යට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ තම ප්‍රකාශය හේතුවෙන් සිත් තැවුලට පත් සියලුම පාර්ශ්වයන්ගෙන් තමා කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවයි.
අදාළ වීඩියෝව තමා විසින් ප්‍රසිද්ධ කරන ලද්දක් නොවන බවත්, එය මාර්ගගත (Online) පන්තියකට සහභාගී වන සිසුන් සඳහා පටිගත කර මුදාහරින ලද ටික්ටොක් (TikTok) විඩීයෝවක් බවත් ඔහු පවසනවා.
ඔහු පවසන්නේ, පන්තිය අතරතුර විෂය කරුණක් පැහැදිලි කිරීමට උදාහරණයක් ලෙස ‘ගම්පෙරළිය’ කෘතිය යොදාගත් අවස්ථාවේදී, ඉතාමත් වැඩකට නැති, වැදගත් නොවන සහ අනවශ්‍ය ප්‍රකාශයක් තමා අතින් ප්‍රකාශ වූ බවට පිළිගන්නා බවයි.
අදාළ වචනය ප්‍රකාශ කළ ස්වරය සහ අන්තර්ගතය පිළිබඳව තමා තුළම දැඩි පසුතැවීමක් සහ නුරුස්නා හැඟීමක් පවතින බව පැවසූ එම ගුරුවරයා, ජනතාව තමා කෙරෙහි දක්වන විරෝධය සාධාරණ බවත් ඔහු එහිදී කියා සිටියා.
“සමාව ඉල්ලුවා කියා වෙච්ච දේ නැවත යථා තත්ත්වයට පත් නොවන බව මම දන්නවා. මිනිස්සු අතින් වැරදි වෙනවා කියා වැරදි කරන්න අවකාශයක් තියෙනවා යන්න ඉන් අදහස් වන්නේ නැහැ. මම ගුරුවරයෙක් විදිහට මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි,” යනුවෙන් පවසමින් ඔහු නැවත නැවතත් තම කනගාටුව පළ කළා.
ප්‍රවීණ ලේඛකයෙකුට සහ සාහිත්‍ය කෘතියකට කළ මෙම නිග්‍රහය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින්, සාහිත්‍යවේදීන් සහ විද්වතුන් දැඩි විවේචන එල්ල කර තිබුණා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න
