මහනුවර ගලහ ප්‍රදේශයේ කෝවිල් භූමියකින් සොයාගත් පාෂාණය ලැබ්‍රඩෝරයිට් වර්ගයේ වෙළෙඳපොළ වටිනාකමක් නොමැති පාෂාණයක් බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
මෙය ලැබ්‍රඩෝරයිට් වරගයේ ගලක් ලෙස වර්ගීකරණය කර ඇති බැවින් එහි ඉහළ වාණිජ හෝ වෙළෙඳපොළ වටිනාකමක් නොමැති බවද වාර්තා වේ.
එය ලැබ්‍රඩෝරසෙන්ස් ලෙසද හැඳින්වෙන අතර සාමාන්‍යයෙන් නිල් පැහැයෙන් යුක්ත වන අතර මෙම පාෂාණය තවත් පාෂාණයක් තුළ තැන්පත් වූ ලැබ්‍රඩෝරයිට් මාදිලියේ කුඩා ප්‍රමාණයක ගලක් බව තොරතුරු වාර්තා වේ.
ලැබ්‍රඩෝරයිට් යනු ඛනිජ ගුණාංග සහිත ෆෙල්ඩ්ස්පාර් වර්ගයක් වන අතර මෙම ඛනිජයේ ඇති සුවිශේෂී වූ දේදුන්නක දෘශ්‍ය සංසිද්ධිය නිසා ප්‍රසිද්ධියක් උසුලන බව එම වාර්තාවේ සඳහන් වේ.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments