915576 Viewsසමහර කතා අපේ හදවත නොහිතන මොහොතකදී පවා සංවේදී කරනවා. මේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්.
ඩිල්ෂාන් මේ තීරණය ගන්න ඇත්තේ සංසාරයේ ඔහු රැස්කළ පින්බල මහිමයෙන් වෙන්න ඇති. ඒත් ඔහුගේ ළඟම රැඳි බොහෝ දෙනාට මෙය කම්පනයට පත් කරන සිදුවීමක් වෙලා.
ඔහු අධ්‍යාපනයට කොහොමත් දක්ෂතා දැක්වූ අයෙක්. සමස්ථ දිවයිනෙන් 85 වෙලා පළමු වතාවෙන්ම ලංකාවේ හොදම වෛද්‍ය පීඨයට Selected වෙනවා කියන එකෙන්ම ඒ බව පැහැදිලි වෙනවා නේ. ඒව් කියන්නේ ඔහු අධ්‍යාපනය වෙනුවෙන් තමන්ට හැකි උපරිමයම කළා. එහෙම වුණත් මිනිස්සුන්ගේ සමහර තීරණ ගැන අපට ඇති වෙන්නේ විශ්මයක්. ඔහු දිනක් තම ගුරුතුමාට ලබාගදෙන පණිවිඩය නිසා ඔහුත් මවිතයට පත්වෙනවා. මේ අන්න ඒ සිදුවීම ගැන ඩිල්ෂාන්ගේ ගුරුවරයෙකු වූ රුවන් ජානක ඔහුගේ මුහුණුපොතට එක්කළ සටහනක්.
" සර් මම මහණ වෙන්න හිතුවා " ඩිල්ෂාන්ගෙන් ආපු අන්තිම call එක. වෛද්‍ය ශිෂ්‍ය ධනංජය ඩිල්ෂාන්ගේ ගිහි ගෙය හැර යාමේ කතාව... ඩිල්ෂාන් විතරක් නෙවෙයි දැන් එයාගේ පවුලේ තාත්තා, මල්ලි සහ නංගිත් එයාට කළින් මහණ වෙලා ඉන්නේ...
අභිනික්මණ...
හරියටම පහුගිය දෙසැම්බර් 22 ( 2025 / 12 / 22 ) සවස 6.00 ට විතර මට call එකක් එනවා ධනංජය ඩිල්ෂාන්ගෙන්. එතකොට මම ඉන්නේ රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ event එකක් present කරන ගමන්. මම කොහොම හරි call එකට answer කරනවා.
සර් මම ඩිල්ෂාන්, සර් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද කියලා එයා අහන කොට මම කියනවා ඔව් ඩිල්ෂාන් මම දන්නවා ඔයාගේ number එක මම save කරලා තියෙන්නේ. එත් මම දැන් මේ ඉන්නේ event එකක් announce කරන ගමන් කමක් නෑ කියන්න කියලා.
එතකොට ඩිල්ෂාන් කියනවා " සර් මම මහණ වෙන්න හිතුවා" කියලා. මම එක පාරටම කම්පනය වුණා. මට හිතාගන්න බැරි වුණා මොකක්ද කියන්නේ කියලා. ඒත් මම කිව්වා ඩිල්ෂාන් කලබල වෙන්න එපා අපි මේ ගැන කතා කරමු, මම ඔයාට call එකක් ගන්නම් කියලා. එතකොට ඩිල්ෂාන් මට කියනවා හරි සර් ඒත් මම facebook , whatsapp මොනවත් දැන් නැහැ. සර් normal call විතරයි ඉන්නේ කියලා. මම කියනවා හරි මම ඔයාට කතා කරන්නම් කියලා.
මම ගෙදර ඇවිත් wife ටත් මේ ගැන කියනවා. එයා මගෙන් ඩිල්ෂාන්ගේ number එක ඉල්ලා ගත්තා එයාට කතා කරන්න. ඒත් මට හිතුනා ඒ ගැන ඩිල්ෂාන් එක්ක කතා නොකරන්න. මගේ හිත කිව්වේ එයා මට කතා කරලා කිව්වත් එයා දැන් ඒක තීරණය කරලා ඉවරයි, ආයේ මම ඒ ගැන කතා කරලා ඒ තිරණයට පොඩි හරි බලපෑමක් කරන්න හොඳ නැහැ කියලා.
ඊට දින කිහිපයකට පස්සේ මට එයාගේ යාළුවෙකුගෙන් ( තවත් වෛද්‍ය ශිෂ්‍යයකුගේ ) ලැබෙනවා whatsapp පණිවුඩයක්. එකේ සදහන් වෙලා තිබුණේ ඩිල්ෂාන්ගේ මහණ පිංකම ගැන විස්තරයක් සහ මට ඒ සදහා ආරාධනාවක්. දිනය 2026/01/03 පෝ දා බව සහ ලිපිනය ඇතුළු විස්තරය එහි වුනත් මට එදා සහභාගි වෙන්න බැරි වුනේ කලින්ම යොදාගෙන තිබුණ වැඩක් නිසා.
ඩිල්ෂාන් කියන්නේ මගේ ජිවිතයේ මට මුණ ගැසුණු හරිම අපූරූ ආදරණීය චරිතයක්, ගෝලයෙක්. එයා මම ගාවට එන්නේ 10 ශ්‍රේණියේ ඉද්දි. එහෙම ආපූ ඩිල්ෂාන් වෛද්‍ය විද්‍යාලයට යන ගමන දක්වා මොරාල් එක හදාගත්තේ ඇකඩමිය නිසා.
මට මතකයි උසස් පෙළ ප්‍රථිපල ආපු දවසෙම හැන්දෑවේ අපේ ගෙදර ඩිල්ෂාන් ආපු හැටි. කිරි හට්ටි දෙකකුත් උස්සගෙන අපිව බලන්න ආපු ඒ කෘතගුණ සැලකීමේ ගමන. මිනිහා රත්නපුරෙන් 5 ලංකාවෙන්ම 84 . පළවෙනි ට්‍රයි එකෙන්ම එහෙම result එකක් දානවා කියන්නේම වැඩ්ඩෙක්.
පස්සේ මේ ආසන්න කාලයේ මගේ wife එහෙම එකතු වෙලා සංවිධානය කරපු ජනධිපති විද්‍යාල සරසවි සමතුන් ඇගයිමේ උළෙලට ඩිල්ෂාන් ගෙන්න ගත්තෙත් අමාරුවෙන්. Wife ගේ ඉල්ලීමට එයා එදා ඉස්කෝලේදි කතාවක් කරලා තිබුණා. ඒක අහපු ගුරුවරු බොහෝ දෙනෙක් ඇඩුවා වගේම මුළු ප්‍රේක්ෂකාගාරයම සංවේදි වුණා.
මේ මෑතකදි මම යනවා තුංකම පන්සලට අපේ හිතවත් රතනසිරි හාමුදුරුවෝ මගේ ගෙදර සංවිධානය කරපු ධර්ම දේශණයකට වඩම්මන්න. එතකොට පන්සලේදී පුංචි හාමුදුරුවෝ නමක් මම ගාවට ඇවිත් අහනවා " සර් ට මාව අදුනන්න පුළුවන් ද කියලා. මම කිව්වා පොඩි හුරු ගතියක් තියෙනවා ඒත් හරියටම මතක නැහැ කියලා. සර් මම තමයි ධනංජය ඩිල්ෂාන්ගේ මල්ලි කියලා. ඔන්න එතකොට මට මතක් වුණා. ගිහි කාලයේ පුංචි කාලයක් ඇකඩමියටත් මෙයා ආවනේ කියලා.
ඊට පස්සේ පොඩි හාමුදුරුවොත් එක්ක කතා ට වැටුණම තමයි මම දැන ගත්තේ උන්වහන්සේ ටික කාලයකට අධ්‍යාපන වැඩවලට තුංකම පන්සලට වැඩලා කියලා. මම ඇහැව්වා එතකොට කෝ දැන් තාත්තා, අම්මා, අක්කා කියලා. අනේ එතකොට පොඩි හාමුදුරුවෝ කියනවා තාත්තයි අක්කයි මහණ වුනා කියලා. අම්මත් සමහරවිට ඉස්සරහට මහණ වෙයි කියලා. මට පුදුම යි.
කොහොම වුණත් ඩිල්ෂාන් ට ජිවිතය ගැන ලොකු අවබෝධයක් තිබුණා. එයා ගිහි කාලේ අත්දැකපු දේවල් සමහර විට මේ තීරණය ගන්නත් පොඩි හරි බලපෑමක් වෙන්න ඇති. මට හිතුනේ අපිට හොඳ මනුස්සකම පිරුණු වෛද්‍යවරයෙක් අහිමි වුණා කියලා. මොකද එයා මාත් එක්ක කියලා තිබුණා සර් මම doctor කෙනෙක් වෙන්න හිතුවේ සල්ලි හම්බකරන්න නෙවෙයි. මම pp කරන්නෙත් නැහැ. මට ඕන මම වගේම දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න කියලා. කොහොම වුණත් අද ඔහු වෙන මාර්ගයක් හොයා ගෙන ගිහිල්ලා. ඒ මාර්ගය ඔස්සේ උන්වහන්සේට මුළු මහත් සමාජයම සුවපත් කරන්න හැකි වෙවි...
ඇඹිලිපිටියේ සුජාත අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි..."