බස් රථයක් තුළ සිදුවුණු තවත් එක් ආන්දෝලනාත්මක පුවතක් ගැනයි මේ ඔබට කියන්නට යන්නේ.
මේ සිද්ධියේදී වරද කා අතේ වුණත් අවසානයට ඔහු තමන්ගේ ජීවිතය ගැන තීරණයක් අරගෙන.
මේ කියන්න යන්නේ අන්න ඒ සිදුවීම ගැන ඇසෙන කතාවක්.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පෞද්ගලික බස් රථයකදී තමන්ට ලිංගික අතවර කළ බවට පුද්ගලයෙකුට චෝදනා කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදාහළ කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පියවර ගෙන ඇත්තේ ඇය එල්ල කළ චෝදනාවෙන් පසු අදාළ පුද්ගලයා සියදිවි නසා ගැනීම හේතුවෙන්.
35 හැවිරිදි ෂිම්ජිතා මුස්තාෆා නමැති මෙම කාන්තාව, බස් රථයක ගමන් කරමින් සිටියදී 42 හැවිරිදි දීපක් යූ නමැති පුද්ගලයා තම පියයුරකට වැලමිටෙන් ඇන ලිංගික හිංසනයක් කළ බවට චෝදනා කළා.
ඇය එම අවස්ථාවේදී රූගත කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහළ අතර, එය කෙටි කලකින් ඉන්දියාව පුරා දැඩි ලෙස ප්‍රචලිත වී තිබුණා.
පොදු ස්ථානවලදී කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් ඉන්දියාවේ ප්‍රධාන ගැටලුවක් බැවින්, මෙම වීඩියෝව දුටු බොහෝ පිරිසක් දීපක්ව දැඩි ලෙස විවේචනය කිරීමටත් ඔහුට එරෙහිව අදහස් දැක්වීමටත් පෙළඹී තිබුණා.
වීඩියෝව ප්‍රසිද්ධ වී දින දෙකකට පසු දීපක් යූ සියදිවි නසා ගත්තේ මේ නිසා ඇතිවූ දැඩි හිත් රිදීමක ප්‍රතිඵලයක් ලෙස බවයි බොහෝ දෙනා පවසන්නේ.
ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් පවසන්නේ ඔහු එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ බවත් තමන් නිර්දෝෂී බව පැවසූ බවයි.
විශේෂයෙන්ම, ඔහුට එරෙහිව සමාජ මාධ්‍ය හරහා එල්ල වූ දැඩි අපහාස කිරීම් සහ "සමාජ මාධ්‍ය නඩු විභාගය" (Social Media Trial) හේතුවෙන් ඔහු දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බව පවුලේ අය පවසනවා.
කෙසේවෙතත්, දීපක්ගේ මරණයෙන් පසු ඔහුගේ පවුල විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ඔහුව මාර්ගගත (online) හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් ෂිම්ජිතා මුස්තාෆා අත්අඩංගුවට ගනු ගත් බවයි දැනගන්නට ලැබෙන්නේ.

📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න