Ticker

6/recent/ticker-posts

වසර 6ක විශ්වාසය බිඳ දැමූ සේවකයා! ගාල්ලෙන් ලක්ෂ 20ක් සොරකම් කළ හැටි CCTV හෙළිකරයි

 


ගාල්ල ඕල්කට් මාවතේ පිහිටි වෙළඳසැලක වසර හයක පමණ කාලයක සිට සේවය කළ 26 හැවිරිදි චන්ද්‍රසේකරම් රොක්ෂාන් නමැති තරුණයා කෙරෙහි වෙළඳසැල් හිමියා තබා තිබුණේ නොමඳ විශ්වාසයක්.



එම විශ්වාසය කෙතරම්ද යත්, පසුගිය දිනක වෙළඳසැලේ සම්පූර්ණ වගකීම ඔහුට පවරා හිමිකරු ගාල්ලෙන් බැහැරට ගොස් තිබුණා.

හිමිකරු නොමැති අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සැකකරු, එදින රාත්‍රියේ වෙළඳසැලේ තිබූ රුපියල් ලක්ෂ විස්සක මුදල සොරකම් කර තිබෙනවා. පසුව ඉතා සූක්ෂම ලෙස වෙළඳසැලේ ඉදිරිපස දොර අගුලු දමා, එහි යතුර අසල තිබූ ගලක් යට සඟවා ඔහු පලාගොස් තිබුණේ කිසිවක් සිදු නොවූ පරිදියි.

පසුදින වෙළඳසැල් හිමියා පැමිණි විට වෙළඳසැල වසා තිබීම නිසා සැකකරුට ඇමතුමක් ලබා දී ඇති අතර, එහිදී යතුර සඟවා ඇති ස්ථානය පවසා සැකකරු දුරකථනය විසන්ධි කර තිබෙනවා. සැක සිතී වෙළඳසැල පරීක්ෂා කිරීමේදී මුදල් සොරකම් කර ඇති බව අනාවරණය වූ අතර, ඔහු මුදල් සොරාගන්නා ආකාරය වෙළඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවල ඉතා පැහැදිලිව සටහන්ව තිබුණා.

වෙළඳසැල් හිමියාගේ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු පදිංචි කෝපායි ප්‍රදේශයට ගොස් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(13) දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා නියෝග කළා.

✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments