Ticker

6/recent/ticker-posts

බත් පිගානේ නයි පැටියෙක් හිටපු කතාව බොරුවක්? අවන්හලේ CCTV දර්ශන එළියට

 


බම්බලපිටියේ පිලාවුස් අවන්හලේදී තමාට ලැබුණු බත් සහ ව්‍යංජන පිඟානේ සර්ප පැටවෙකු සිටි බවට පුද්ගලයෙකු ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යවල උඩුගත කිරීමෙන් එය විශාල ආන්දෝලනයක් ඇති කළේය.

තම බත් පිගානෙහි කුඩා සර්පයෙකු වැනි දෙයක් පෙන්වමින් පසුගිය (12) දින උදෑසන අදාළ පුද්ගලයා එම ආපන ශාලාවට විරුද්ධව චෝදනා එල්ල කළේය.

නමුත් මෙම සිදුවීම අදාල පුද්ගලයාගේ ජනප්‍රියතාව වැඩිකරගැනීමට සිතා මතා කල ක්‍රියාවක් බවත් සැලසුම් සහගත ලෙස ව්‍යාපාරය වැට්ටවීමට කල දෙයක් බවත් සමාජ මාධ්‍යයේ අදහස් මතුවීමත් සමග මේ වනවිට එම පුද්ගලයා අදාළ වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කරගෙන ඇත.

එමෙන්ම බම්බලපිටියේ පිලාවුස් අවන්හලේ සේවකයන් පැහැදිලි ලෙසම පවසා ඇත්තේ අදාළ පුද්ගලයා ඇතුළු තිදෙනෙක් පැමිණි බවත් ඔවුන්ගේ ක්‍රියාකලාපය සැකකටයුතුව තිබූ  බවත් එමෙන්ම සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ පරීක්ෂණ කලද කිසිවක් හමු නොවූ බවත්ය.

ඔහු ආහාර පිගාන රැගෙන මේසය වටා කැරකෙමින් සැකකටයුතු ලෙස හැසිරීම පිලිබදවත් එම සිදුවීමට අදාළ දර්ශනත් මේ වනවිට අවන්හල මගින් අන්තර්ජාලයට මුදා හැර ඇත.  

එමෙන්ම ජනප්‍රිය මාධ්‍යවේදියකු විසින් "බත් පතේ පැහැරූ ජඩයාට වැඩ වරදියි" යන තේමාවෙන් තැබූ සටහනක් පහතින් දැක්වෙයි.

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments