මගීන් 40කගේ ජීවිත බේරාගත් වලපනේ වීර රියදුරා.. අඩි 50ක ප්‍රපාතය අද්දර බස් රථය නතර කළ හැටි..

 


අද උදෑසන වලපනේ ප්‍රදේශයෙන් වාර්තා වුණේ අතිශය බිහිසුණු අනතුරක් වළක්වා ගත් වීරත්වයේ කතාවක්. 


වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා මගීන් 40ක් පමණ පටවාගෙන ධාවනය වෙමින් තිබුණා.

දිට්වා සුළි කුණාටුවෙන් නායයෑමට ලක්වූ, අතිශය අබලන් සහ වංගු සහිත මාර්ගයකයි බස් රථය ගමන් කරමින් තිබුණේ.

මරණය අද්දරටම ගිය තත්පර කිහිපය රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදී හදිසියේම බස් රථයේ "ජොයින්ට්" එක දෙකට කැඩී ගියේ මුළු බස් රථයම දෙදරුම් කවමින්.

ඒ මොහොතේ රියදුරු සමන් තිලකසිරි දුටුවේ අඩි 50ක් පහළින් තිබූ බිහිසුණු ප්‍රපාතයයි.

බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී යද්දී මගීන් බියෙන් කෑගසන්නට වූ අතර, සිදුවන්නට ගියේ මහා ව්‍යසනයක්.

වීර රියදුරාගේ ක්ෂණික තීරණය වසර 15ක පළපුරුද්දක් ඇති 48 හැවිරිදි සමන් තිලකසිරි මහතා කලබල වූයේ නැත.

මරණය අභියස වුවද ඉතාමත් සන්සුන්ව ක්‍රියා කළ ඔහු, බස් රථය ප්‍රපාතයට පෙරළීමට පෙර වහාම "අත්තිරිංග" (Hand Brake) තද කර බස් රථය ප්‍රපාතයේ අද්දරම නතර කර ගැනීමට සමත් විය.

"ඩෝං ගාලා සද්දයක් ආවා.. මම අත්තිරිංග තද කළා" සිද්ධිය ගැන රියදුරු මහතා පැවසුවේ මෙවන් කතාවක්..

"අද උදේ බස් එක පදවාගෙන එනකොට රාසින්ගොල්ල වංගුවෙදි 'ඩෝං' ගාලා ලොකු සද්දයක් ආවා. මම දැනගත්තා අනතුරක් කියලා. ටක්ගාලා අත්තිරිංග තද කරලා බස් එක නතර කර ගත්තා. බැහැලා බලද්දී බස් එකේ ජොයින්ට් එක දෙකට කැඩිලා. බස් එකට අඩි 50ක් පහළින් රුපහ පාර පේනවා. මගීන් 40 දෙනෙක් විතර හිටියා. පාරත් හරියට හදලා නැති නිසා මේ වගේ අනතුරු ඕන වෙලාවක වෙන්න පුළුවන්."

ඩිපෝවෙන් ලැබුණු ප්‍රශංසාව වලපනේ ඩිපෝවේ ධාවන කළමනාකරු පවසා සිටියේ රියදුරුගේ මේ ක්ෂණික තීරණය සහ දක්ෂතාවය නිසා මහා විපත්තියක් වළක්වා ගත් බවයි.

කෑගල්ලේ පදිංචි සමන් තිලකසිරි මහතා කළ මේ වීර ක්‍රියාව ගැන දැන් සමාජ මාධ්‍ය පුරා බොහෝ දෙනාගේ පැසසුම් හිමිවෙමින් පවතිනවා.

✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post