තමන් ආදරය කළ බිරිඳ වෙනුවෙන් ජීවිතය පූජා කළ හැකි සැමියෙකු පිළිබඳ පුවතක් ගල්ගමුව, කනහන්කොටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මරණය තත්පර කිහිපයක් දුරින් තිබියදීත්, තමන්ගේ ජීවිතයට වඩා බිරිඳගේ ආරක්ෂාව ගැන සිතූ ඔහු යුද හමුදා බුද්ධි අංශයේ සේවය කළ කෝප්‍රල්වරයෙක්.
සිද්ධිය වූ දින ඔහු සිය බිරිඳ සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී හදිසියේම වන අලියෙකු ඔවුන් ඉදිරියට පැමිණ තිබේ.
අලියා ඉතා ආවේගශීලීව තමන් දෙසට හැල්මේ දුව එන අයුරු දුටු මේ වීරෝදාර සෙබළාට ක්ෂණිකව වැටහුණේ දෙදෙනාටම එකවර මෙයින් බේරීමට කාලයක් නොමැති බවයි.
ඔහු වහාම ක්‍රියාත්මක වී යතුරුපැදිය නවත්වා, "ඔයා බිමට බැහැලා වෙනත් දිශාවකට දුවන්න!" යැයි බිරිඳට පවසා ඇත.
ඇයව යතුරුපැදියෙන් බිමට බස්සා ආරක්ෂිත දෙසකට යොමු කළ ඔහු, වන අලියාගේ අවධානය තමා දෙසට යොමු කරවා ගැනීමට කටයුතු කළේ බිරිඳට බේරී යාමට අවශ්‍ය කාලය ලබා දෙමිනි.
බිරිඳ ආරක්ෂිතව දිව යන අතරතුර, වියරු වැටුණු වන අලියාගේ මාරාන්තික ප්‍රහාරයට ඔහු ලක් විය.
තමන් ආදරය කළ බිරිඳගේ ජීවිතය බේරාගත් සතුට සිතේ තබාගෙනම මේ උතුම් මිනිසා අවසන් හුස්ම හෙළුවේ වීරයෙකු ලෙසිනි.
බිරිඳ බේරාගැනීම සඳහා තමන්ගේ ජීවිතය මාරයාට පූජා කළ මේ සෙනෙහබර සැමියාගේ සහ වීරෝදාර සෙබළාගේ වියෝව මුළු රටම කම්පා කරවන සංවේදී පුවතක් බවට පත්ව තිබේ.
✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments