Ticker

6/recent/ticker-posts

නිවසට එළිය දුන් පහන් දෙකම එකවර නිවී යයි.. ගලහ, නවනැලිය ගම්මානයම කඳුළින් තෙත් කළ මවගේත් දියණියගේත් අකල් සමුගැනීම..



 ගලහ, නවනැලිය ගම්මානයම සෝක සලුවෙන් වසා දමමින් විදුලි සැර වැදීමෙන් මවක සහ දියණියක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


පොලිස් වාර්තා වලට අනුව මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි මවක් සහ ඇයගේ 13 හැවිරිදි දියණියයි.

නිවසේ තිබූ විදුලි කාන්දුවක් හෝ අනාරක්ෂිත විදුලි රැහැනක් හරහා මෙම අනතුර සිදුව ඇති බවට සැක කෙරේ.

බොහෝ විට එක් අයෙකුට විදුලි සැර වදින විට අනෙක් තැනැත්තා බේරා ගැනීමට යාමේදී දෙදෙනාටම මෙම ඉරණම අත් වන්නට ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

එකම පවුලේ දෙදෙනෙකුගේ, විශේෂයෙන්ම පාසල් වියේ පසුවන දියණියකගේ සහ මවකගේ අකල් මරණය නවනැලිය ප්‍රදේශවාසීන් දැඩි කම්පනයට පත් කර ඇත.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments