“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි



 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, තමන්ව හෝ තම මව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ආවත් හෝ සිරගෙදරට යොමු කළත්, වත්මන් රජය සිදුකරන මහා පරිමාණ වංචා කිසිසේත් යටපත් කළ නොහැකි බවයි.

මාධ්‍යවේදීන් අමතමින් ඔහු සඳහන් කළේ, මෙම රටේ ආගමික සහ හෙළ සංස්කෘතික අනන්‍යතාවයට සිදුකරන විනාශය, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට එරෙහි අසාධාරණයන් සහ කුඩු කන්ටේනර් ජාවාරම් වැනි බරපතළ අපරාධ දණ්ඩ මුක්තියෙන් වැසීමට රජයට ඉඩක් නොලැබෙන බවයි.

"අපි ඕනෑම දෙයකට ලෑස්තියි, අපි බලාගමු" යැයි පවසමින් නාමල් රාජපක්ෂ මහතා රජයට සෘජු අභියෝගයක් එල්ල කළා.

ප්‍රාදේශීය සභා මැතිවරණය ඉලක්ක කරගෙන තම දේශපාලන බලවේගය ඉතා ශක්තිමත් වී ඇති බවත්, ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රචාරය කළ බොරු දැන් එකින් එක හෙළි වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නා.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :

"ප්‍රාදේශීය සභා මැතිවරනය වෙනකොට අපි ශක්තිමත් බලවේගයක් විදියට ගොඩනැගුණා. අපට විශාල ඡන්ද ප්‍රමාණයක් වැඩි වුණා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව කියපු බොරු අපි දකිනවා යහපාලන ආණ්ඩුව හදනකොට මූලික වුණ බොහෝ පිරිස් අද මාධ්‍යයට ඇවිල්ලා කියනවා එදා රාජපක්ෂ ආණ්ඩුවට මඩ ගහන්න කොහොමද මුදල් වියදම් කළේ, ඒ මුදල් ගත්තු අයත් කියනවා. මොන සංවිධානද මොන දේශපාලන පක්ෂද කියලා. එහෙම තමයි බොරුව සමාජගත කළේ. සල්ලි අරන් බොරු කියපු අය අද මහජන මුදල් වියදම් කරලා තමන් කියපු බොරුව ඇත්තක් කියලා ඔප්පු කරන්න අධිකරණය, පොලීෂිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒකෙන් සමස්ථ සමාජයම, රටම, රාජ්‍ය යාන්ත්‍රණයම කඩාගෙන වැටෙනවා. ඒවාටත් වගකියන්න වෙයි.  

ඒක තමයි ලොකුම අපරාධය. එක පැත්තකින් චරිත ඝාතනය කරනවා. බොරුව සමාජගත කරනවා. සමාජයේ වෛරය, ඉරිසියාව, කුහකත්වය පතුරවනවා. අනෙක් පැත්තෙන් තමන්ගේ බොරුව ඇත්ත කියලා කියන්න ඕනෙ හින්දා මිනිස්සුන්ගේ බදු මුදල් වියදම් කරනවා. ඒක තමයි සැබෑ අවභාවිතය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ගිහිල්ලා ආණ්ඩුව අපහසුතාවට පත් වුණා. සමාජයට,, රටට නොගැලපෙන දේවල් දරුවන්ගේ මනස විකෘති කරන්න ඇතුල් කරලා. ඒ වගේම දැන් ගල් අගුරු සම්බන්ධයෙන් මහා වංචාවක් හෙළි වේගෙන යනවා. ආණ්ඩුව කියනවා බාලයි තමයි පොඩි දඩයක් ගහලා ගත්තා කියලා. ආණ්ඩුව තමන්ම කියනවා ගල් අගුරු නම් බාලයි පොඩි දඩයක් ගැහුවා කියලා. දඩේ ගැහුවත්, නැතත් ඉල්ලුම් කරපු එක නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. බාල බඩු රට ඇතුළට ගත්තා. ඒවා වහගන්න අපට සීඅයිඩීයට එන්න කිව්වා. පහුගිය කාලයේ අපි දැක්කානේ, අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වානේ ඇතුළට දානවා කියලා. ඒ කැදවීම් තමයි මේ ලැබෙන්නේ.

මාව අපේ අම්මව ඉතින් සීඅයිඩීයට ගෙනාවත් හිරගෙදර දැම්මත්, ආණ්ඩුවේ ගල් අගුරු වංචාව, මේ රටේ ආගමට දහමට සංස්කෘතියට, හෙළ සංස්කෘතියට කරන විනාශය, මහා සංඝරත්නයට සහ ආගමික නායකයන්ට කරන අසාධාරණය, කුඩු කන්ටේනර් පන්නපු එක, ආපදාවට ලක් වෙච්ච අසරණ ලක් වෙලා ඉන්න ජනතාව රවට්ටන්න බොරු චෙක් දීලා ඒ චෙක්වල මුදල් නැතිව ආයේ ඇවිල්ලා. ඕවා වහගන්න බෑ. වහගන්න පුලුවන් කියලා හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ”


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅ 

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post