සාමාන්‍යයෙන් අපි ස්ටේෂන් එකකට යන්නේ එක්කෝ ට්‍රේන් එකකට නගින්න, නැත්නම් බැහැලා ගමනාන්තයට යන්නනේ.
හැබැයි ජපානයේ තියෙන "සීරියු මිහාරෂි" (Seiryu Miharashi) ස්ටේෂන් එකට ගියොත් නම් ඔබට අතරමං වෙන්නයි වෙන්නේ... මොකද මේ ස්ටේෂන් එකට ඇතුල් වෙන්න පාරක්වත්, එළියට යන්න ගේට්ටුවක්වත් ඇත්තෙම නැහැ.
නිෂිකිගාවා සීරියු දුම්රිය මාර්ගයේ පිහිටලා තියෙන මේ ස්ටේෂන් එකේ කිසිම ගොඩනැගිල්ලක් නැහැ. තියෙන්නේ ගඟ පැත්තට මුහුණ දාපු ලස්සන ප්ලැට්ෆෝම් එකක් විතරයි. මේක හදලා තියෙන්නේ එකම එක අරමුණකට විතරයි. ඒ තමයි "වීව් එක බලන්න"!
ට්‍රේන් එක මෙතන නැවැත්තුවම ඔයාට පුළුවන් ප්ලැට්ෆෝම් එකට බැහැලා නිෂිකි ගඟේ ලස්සන බලලා හිත නිදහස් කරගන්න. ජපන්නු මේ වගේ වැඩක් කළේ කාර්යබහුල මිනිස්සුන්ට ස්වභාවධර්මය එක්ක පොඩ්ඩක් තනියම ඉන්න අවස්ථාවක් දෙන්නයි.
පොඩ්ඩක් හිතලා බලන්න අපේ කඳුකර පැත්තේ මේ වගේ ස්ටේෂන් එකක් තිබ්බොත් කොහොම තියෙයිද කියලා?
✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
