නිවසේ ඇති වතුර මෝටරය ක්‍රියාත්මක නොවීම නිසා එය පරීක්ෂා කරද්දී විදුලිසැර වැදුණු දොළොස් හැවිරිදි පාසල් සිසුවෙක් ඊයේ (14) රාත්‍රී කින්නියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මි#ගිය බව කින්නියා පොලිසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කින්නියා, කාකමුනේ පදිංචි හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.
වතුර මෝටරය ක්‍රියාත්මක කරද්දී අක්‍රීය වීම නිසා එය පරීක්ෂා කරද්දී සිසුවාට විදුලිසැර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
