ප්‍රවීණ සංගීතඥයෙක්, ගායනවේදියෙක්, නිවේදකයෙක්, තනු රචකයෙක්, ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පියෙක්, ටෙලිනාට්‍ය සහ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් මෙන්ම සංගීතාචාර්‍යවරයෙක් ද වන විශාරද ලක්ෂ්මන් විජේසේකරයන් අප අතරින් වියෝවී මේ වනවිට සිව් වසරක් ගතවෙනවා.
ඔහු සිහිපත් කරමින් අද ආචාර්‍ය රෝහණ වීරසිංහගේ ප්‍රමුඛත්වයෙන් වික්‍රමසිංහ පුර වැඩිහිටි නිවාසයක සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා.
ඒ සඳහා ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ, දයාන් විතාරණයන්ඇතුළු පිරිසක් සහභාගීව සිටියා.
















