රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රණීත ආහාර වේලක් ලබා දීමේ නියමු ව්‍යාපෘතිය හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහයෝගීතාවයෙන් මහරගම අපේක්ෂා රෝහලේදී මෙය ආරම්භ කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
හොදි, එළවළු. මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට, බත්, එළවළු,මැල්ලුම්, මස්, මාළු, බිත්තර, යනාදිය වෙන වෙන ම බෙදා තිබෙන ප්‍රියමනාප පිඟානක ආහාර වේල රෝගියාට පිරිනැමීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
මේ වන විට මහරගම අපේක්ෂා රෝහල තුළ එකවර 2000 කට ආහාර පාන සැකසීම සදහා නවීන පහසුකම්වලින් සපිරි මුළුතැන්ගෙයක් සකස් කර ඇති අතර එයද හෙට දිනයේ විශේෂ වැඩපිළිවෙළට සමගාමීව විවෘත කෙරෙනු ඇති.
✅✅✅✅✅✅✅✅✅✅✅
