පුතාට හොද නැති නිසයි මේවා දුන්නේ නැත්තේ... අවසානයේ කෝප වුණ තරුණයා සිය පියාට පහර දෙයි! බෑණාගේ පහරදීමෙන් මාමාට ජීවිතය අහිමි වෙයි.

 


පිය පුතු සෙනෙහසටත් වඩා "බීඩිය" ලොකු වුණු මරණීය සිදුවීමක් වරකාපිටිය, උලපනේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.


පියාගෙන් බීඩියක් ඉල්ලා එය නොලැබුණු තැන ඇතිවූ කෝපය පාලනය කරගත නොහැකි වූ 33 හැවිරිදි පුතෙක්, මුළු පවුලම අඳුරේ ගිල්වමින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කර ඇති බව උලපනේ පොලිසිය පවසනවා.


පසුගිය 29 වැනිදා සැකකරු සිය පියාගෙන් බීඩියක් ඉල්ලා තිබෙනවා. පියා එය ලබා නොදීම නිසා දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීම දුරදිග ගොස්, කුලී රැකියාවක නිරත වන මේ තරුණයා නිවසේ තිබූ මෝල් ගසක් සහ අලවංගුවක් අතට ගෙන පියාට දරුණු ලෙස පහර දී තිබෙනවා.

පුතා පියාට පහර දෙනවා දැක බේරා ගැනීමට මැදට පැන ඇත්තේ සැකකරුගේ මාමා වන 55 හැවිරිදි ජී. ජී. නිමල් මහතායි. අවාසනාවකට මෙන්, උමතුවෙන් මෙන් සිටි බෑණනුවන් මාමාටද මෝල් ගසින් සහ අලවංගුවෙන් පහර දී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ පියා සහ මාමා දෙදෙනාම ගම්පොල රෝහලට ඇතුළත් කළත්, පසුගිය 03 වැනිදා ප්‍රතිකාර ලබමින් සිටියදී මාමා මෙලොව හැර ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන උලපනේ පොලිසිය සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post